ජපන් ජබර කළ හදියක්.

ජපන් ජබර ඇතුළු තවත් ජලජ ශාඛ කලපුවට පැමිණ ඇති බවත් , කලපුවට එසේ ගසා ගෙන ආ ජපන් ජබර වැඩි දිනක් යන්නට මත්තෙන් කුණු වී කලපු පතුලට එකතු වන බවත් , එසේ කලපු පතුලට එක් වීම නිසා කලපුවේ දැල් දැමීමට නොහැකි බවත් ධීවරයින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු අධික ධාරාණිපාත වර්ෂාව නිසා මෙලෙස ජපන් ජබර කලපුවට පැමිණෙන්නට ඇතැයි ධීවරයින් සඳහන් කර තිබේ.

නමුත් වාර්තා වන ආකාරයට මෙසේ ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ කලපුවට ගසා ගෙනවිත් ඇත්තේ හලාවත ප්‍රදේශයේ වැවකින් අවිධිමත් ලෙස ඉවත් කර ඇති ජපන් ජබර ඇතුළු ශාඛ නිසාවෙන් බව සඳහන්.

Exit mobile version