කංසා වගාවක් වටලයි.

අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ සූක්ෂම ලෙස යුවළක් විසින් පවත්වාගෙන ගිය කංසා වගාවක් සහ කංසා නිශ්පාදයන් පරීක්ෂණය සඳහා පවත්වාගෙන ගිය විද්‍යාගාරයක් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරීන් විසින් වැටලූ බව වාර්තා වේ.

මෙම කංසා වගාව හරිතාගාරයක් තුළ පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාර යුවළ මැදවච්චිය සහ වව්නියාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 සහ 28 යන වයස්වල පසුවන අය බව වාර්තා වේ.

මෙම යුවළ කුලී පදනම මත මෙම නිවසේ ජීවත්ව සිට ඇත. එමෙන්ම කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙම හරිතාගාරය සහ විද්‍යාගාරය පවත්වාගෙන යන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි.විවිධ අත්හදාබැලීම් සඳහා භාවිතා කළ පර්‍යේෂණ උපකරණ කිහිපයක් ද පොලීසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.

සැකකාර යුවළ අද (29) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව සඳහන්.

Exit mobile version