උල්හිටියේ වාන් අරිද්දී, අලි රංචුවක් කොටු වෙලා.

මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි මහ ජලාශයේ වාන් දොරටු හතෙන් තුනක් විවර කිරීමත් සමග කොටුවූ වන අලි රංචුවක් දිවි බේරාගැනීමට ජලාශයේ පිහිනන බව වාර්තා වේ.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ජල පෝෂක ප්‍රදේශ වල ජලය එකතුවීමෙන් උල්හිටිය රත්කිද මහවැලි මහ ජලාශය සීග්‍රයෙන් පිරී පැවතීම හේතුවෙන් ඊයේ 22 දින රාත්‍රියේ එහි වාන් දොරටු හතෙන් තුනක් විවර කළ බවට ජලාශය භාර තාක්ෂණික නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා පවසයි.

එක් දොරටුවක් සෙන්ටිමීටර් 10 බැගින් විවර කර ඇති අතර තප්පරයකට ඝන මීටර් 11 ක පමණ ජලය උල්හිටිය ඔයට මුදා හරින මහවැලි සි කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි මහ ජලාශය වාන් දොරටු හතකින් සමන්විත වන අතර මහවැලි සී සහ බී කලාපය ද  පෝෂණය කෙරෙන අතර මහවැලි සී කලාපයේ පමණක් ගොවිබිම් හෙක්ටයාර විසිපන් දහසකට ආසන්න බිම් ප්‍රමාණයෙන් වී ගොවිතැන් සදහා මෙහි ජලය යොදා ගැනේ.

වර්ෂා තත්ත්වය තව දුරටත් වැඩි වුවහොත් අනෙක් වාන් දොරටු කිහිපයත් විවර කිරීමට සිදුවන බැවින් උල්හිටිය ඔයට යාබදව පිහිටි රත්කිද, අගල් ඔය, හොබරියාව, උල්හිටිය,බෙලගන්වැව, තෙල්දෙණියාය ගම්මාන වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට තාක්ෂණික නිලධාරී වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

උල්හිටිය ජලාශයේ කොටුවී සිටි වන අලි රංචුවක් ජලය සීග්‍රයෙන් පිරීම නිසා දිවි බේරාගැනීමට ජලාශයේ පීනන අයුරු ද දැකගත හැකි බව සදහන්.

Exit mobile version