උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයකින් ගම්මාන කිහිපයක ජනතාවට බාධා.

උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් හේතුවෙන් ඌව පරණගම බඹරපාන, කන්දේකුඹුර, හළාඹ ඇතුළු ගම්මාන කිහිපයක ගම්වැසියන් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් පෙන්වාදෙන්නේ, මෙම කුහුඹු විශේෂයේ දෂ්ඨ කිරීම් හේතුවෙන් චර්ම රෝග පවා හටගන්නා බවයි. 

‘කොඩයා’ නමින් හඳුන්වන මෙම කුහුඹු විශේෂ ගම්මිරිස්, පොල්, පුවක් වැනි ශාකවල රංචු වශයෙන් ජීවත් වන බව වාර්තා වේ.

මෙම කුහුඹු විශේෂය වසංගතයක් තෙක් වර්ධනය වීමට ප්‍රථම එය මර්දනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Exit mobile version