ප්‍රාණ ඇප කාරියක් නිදහස් කර ගනී.

ගාසා තීරයේ ඊයේ (30) කළ මෙහෙයුමක් අතරතුරදී හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රදවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බවට ඊශ්‍රායල් හමුදාව පවසයි.

වාර්තා වන ආකාරයට ඔරි මෙගිදිෂ් නම් එම සෙබළිය ව පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබේ.

ඔවුන් භාරයේ තවත් ඊශ්‍රායල් සහ විදෙස් ජාතිකයින් 230ක් පමණ සිටින බව සදහන්.

මේ අතර ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ භූමි ප්‍රහාර මගින් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට ඔවුන් අපේක්ෂා කරන බවයි.

Exit mobile version