ප්‍රදේශ කිහිපයක් සදහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
අද (29) උදෑසන නිකුත් කළ එම නිවේදනයට අනුව උතුරු ,උතුරු මැද,වයඹ සහ නැගෙනහිර පළාත් ,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ජීවත්වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව සදහන්.
ඒ අනුව එම ජනතාවට විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.