ගිනිගත්හෙන කළවැල්දෙනිය හෝමාගම ප්රදේශයේ ලැලිවලින්
ඉදිකර තිබූ නිවසක් 30 වන දින හටගත් ගින්නකින් නිවස මුලුමනින්ම විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය පිළිබඳව සිදු කරන ලද විමසීමකදි අදහස් දැක්වූ
ගිනිගත්හේන පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ 30 වන
දින ගිනිගත්හේන කළවැල්දෙණිය හෝමාගම පදිංචි ආර්.එම්. මංජුල ප්රභාත් යන අයට අයත් ලැලිවලින් ඉදිකරන ලද මෙම නිවස තුල හටගත් ගින්නක් හේතුවෙන් එම නිවස මෙසේ විනාශයට පත්ව ඇති බවයි.
මෙම නිවසේ මුලුතැන්ගෙයි දර ලිප අවුලුවා තිබිමෙන් එහි ගිනි පුපුරු විසිවිමෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට සැක කරන බවත් මේ පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් ප්රකාශ කර තිබේ.