දකුණු ආසියාවේ විශාලතම හා වානිජ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තුළ ස්ථාපනය කිරීම සදහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.
මෙය කොළඹ වරාය නගරයට ආසන්නයේ ඉදි කිරීමට නියමිත අතර එම ව්‍යාපෘතිය සදහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම,ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී සමාගම ඊට අදාළ ගිවිසුමකට එළඹ තිබේ.
එහි කොටස්වලින් 70% චීන සමාගමට හිමිවන අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී සමාගම් අතර සමසේ බෙදී යයි.