යාල ජාතික වනෝද්‍යානයට යාබදව වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ විශාල වන සංහාරයක් සිදුවන බවට ගොවීන් චෝදනා කරන බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරන්නේ දේශීය කෘෂි කර්මාන්තය නංවාලීමට ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ආධාර අවභාවිත කරමින් මෙම කටයුත්ත සිදු කෙරෙන බවත් , මෙම පරිසර පද්ධතිය දිවියන්, අලි ඇතුන්, මුවන්, ගෝනුන්, ඌරන් මෙන්ම කුරුලු වර්ග රැසකට වාසස්ථානය වී තිබෙන බවත් , එවැනි වැදගත් කලාපයක් තුළ සිදුවන මෙම වන සංහාරය හේතුවෙන් වන සතුන් රැසකගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ය.