අද (19) දහවල් යාපනය ඒ-9 මාර්ගයේ නල්ලුන් සෙන්මනි ප්රදේශයේදී යතුරුපැදියක් සහ ජල බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ .
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොක්කුවිල් ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි යතුරුපැදිකරු වන අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුගේ බිරිඳ යාපනය රෝහලට ඇතුළත් කර තිබේ .