වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙකුට අමානුෂික ලෙස පහරදීලා.

ජාතික රූපවාහිනියේ කුලියාපිටියෙ උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර වාර්තාකරණයේ යෙදී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාවට හානි කළ බවට චෝදනාවක් නිර්මාණය කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

දිනෙත් කුමාර පසුගිය නොවැම්බර් 30 උදෑසන බිංගිරිය පොලීසිය අසල ප්‍රධාන මාර්ගයේ රූගත කරමින් සිටියදී පොලීසිය විසින් ප්‍රශ්න කර, නිලධාරීන් විසින් පොලීසිය වෙත ඔසවාගෙන ගොස් පහර දී ඇති බව සදහන් වේ.

ඔහු විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හැඳුනුම්පත හා රූපවාහිනී හැදුනුම්පත පෙන්වද්දිත් පහරදී අත්අඩංගුවට ගෙන ඇති බවට සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

පොලීසියේ අවිගබඩාව රෑ ගත කර ඇති බවටත්, එමගින් ජාතික ආරක්ෂාවට හානි කර ඇති බවටත් පොලිසිය විසින් චෝදනා නගා තිබේ.

දිනෙත් කුමාර අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර , ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොලීසිය විසින් දිනෙත් කුමාර හට අමානුෂික ලෙස පහර දී ඇති බවත් එම චෝදනා යට ගැසීම සදහා විවිධ චෝදනා සහ සිද්ධීන් නිර්මාණය කරමින් ඇති බවත් ප්‍රදේශයේ වාර්තා සදහන් කරයි.

Exit mobile version