නිරුවත පෙන්වා මුදල් ඉපයූ කතක් අත්අඩංගුවට .

මුදල් අයකරමින් සිය නිරුවත අන්තර්ජාලය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වේ .

සැකකාරිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කෙරුණි .

එහිදී සැකකාර කාන්තාවට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරනු ලැබීය .

වාර්තා වන ආකාරයට අන්තර්ජාලය ඔස්සේ ඇයගේ ගිණුමට මුදල් තැන්පත් කරන පුද්ගලයින් හට ඇය සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර එහිදී ඇය විනාඩියකට රුපියල් 1000 බැගින් අයකර ගෙන ඇති බවත් , වෙන්කර ගන්නා කාලය අනුව රුපියල් 2000 , 5000 , 10 000 වශයෙන් මුදල් ලබා ගෙන ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ක්‍රියාවේ නිරත වන කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් , ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් , මෙම සැකකාර කාන්තාවට සහය දැක්වූ සැමියා බවට හඳුන්වන පුද්ගලයකු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවත් ය .

Exit mobile version