සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කර ඇති බව වාර්තා වේ.
රුපියල් 230 ක්ව පැවති සම්බා සහල් කිලෝවක මිල රුපියල් 260 ක් දක්වා ඉහළ දැමීමට මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවත් තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.
මෙම සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමීමට අවස්ථාව දුනහොත් උත්සව සමය අවසන් වන විට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 300 කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කර ඇති බව වාර්තා වේ.