ඊයේ (16) දින රාත්‍රී කාලයේදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් නමගිය අපරාධකරුවකු වන නදී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු හට මිනුවන්ගොඩ හා මිගමුව අධිකරණ මගින් වරෙන්තු පහක් නිකුත් කර ඇති බව පැවසේ.
මොහු කලක සිට පොලිසිය මගහරිමින් තැනින් තැන සැගවසිටි අයකු බව හා විවිධ අපරාධ රැසකට සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු බව පැවසේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ අනියම් බිරිදගේ නිවසේ සිටියදී පොලිසියට ලද තොරතුරක් මත බව පොලිසිය සදහන් කරයි.
මොහු නදීශාන් පීරිස් නමැති 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සදහන් වේ.
සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.