නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04) උදෑසන 10.30ට පමණ මෙම නායයෑම සිදුව ඇත.
එම මාර්ගයේ ගමන් ගත් වාහන ධාවනය කිරීමේ දී මාර්ගයේ බෑවුම් ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසට පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.
එම මාර්ගයේ ස්ථාන කිහිපයක නායයෑමේ සහ පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස ද පොලීසිය සඳහන් කරයි.