බළංගොඩ හැටන් ප්රධාන මාර්ගයට බළංගොඩ පින්නවල ප්රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇති බව සදහන්.
පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇති බව වාර්තා වේ.
එම ප්රදේශයට ඊයේ (07) රාත්රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑම සිදුව තිබේ.