බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සීලගම ප්‍රදේශයෙන් තවදුරටත් අවහිරවී ඇති බව වාර්තා වෙයි.
මාර්ගය අවහිර වී ඇති ස්ථානයට විශාල ගලක් පෙරළීම හේතුවෙන් මෙලෙස මාර්ගය ගමනාගමනයට විවෘත කිරීම තවදුරටත් ප්‍රමාදවී ඇති බව සදහන්.
ඒ නිසා කොළඹ බලා ගමන්ගන්නා ජනතාව සීලගම ප්‍රදේශයෙන් බැස අනෙක් පසට මාරුවී එහි නවතා ඇති බස් රථවලට ගොඩවී කොළඹ බලා ගමන් කිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.