ඉන්දියාවට අයත් යැයි සැලකෙන විශාල ටග් බෝට්ටුවක් ඊයේ (07) මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබූ අතර එම බෝට්ටුව නාවික හමුදා යාත්‍රාවක් මගින් ඇදගෙන වෙරළට රැගෙන ආ බව වාර්තා වේ.
නැව්වලට භාණ්ඩ පැටවීමට සහ ජලය වැනි දේ රැගෙන යාමට ටග් බෝට්ටුව භාවිතා කරන බවත් , ඉන්දීය සාගර කලාපයේ පැවති අධික සුළං තත්ත්වය මත අදාළ යාත්‍රාව එලෙස මෙරට වෙරළ තීරයට ගොඩ ගසන්නට ඇති බවත් සදහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය සහ තලෙයිමන්නාරම නාවික හමුදාව විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.