පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල නාහිමියන්ගෙන් මහානායක ස්වාමීන් වහන්සේලාට ලිපියක්.

උතුරු නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථාන සමග සාකච්ඡා කර සකස් කළ යුතු බවට පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන්නේ වැදගත් නටඹුන් ඇති තැන්වල පුද්ගලයින් අයිතිය ලබා ගෙන අන්තෝනෝමතික ලෙස කටයුතු කරන බවත් පුද්ගලයින් හිතුමනාපෙට කටයුතු කිරීම හරහා පුරාවස්තු විනාශ වී ඇති බවත් ය.

කෙසේ වෙතත් මහානායක හිමියන් වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

Exit mobile version