2022 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්රතිඵල ඊයේ (04) පස්වරුවේ නිකුත් කෙරූ බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 263,933 දෙනෙකු පෙනී සිටි බවට විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් අපේක්ෂකයින් 84 දෙනෙකුගේ විභාග ප්රතිඵල අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මේ අතර ප්රතිඵල මත 71.7%කට සරසවි වරම් හිමිව ඇති බව සඳහන්.