අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.
පසුගිය උසස්පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 53,513 ක් ද පෙනී සිටියහ. ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරු 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු 1,100කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සිදු කරන ලදී.
පසුගිය වර්ෂයට නියමිතව තිබූ මෙම විභාගය මෙම වර්ෂයේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වුණි.