ඊයේ (12) අලුයම් කාලයේ දී නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මුහුදු මාර්ගය ඔස්සේ ඩිංගි යාත්රාවකින් රැගෙන යාමට උත්සාහ කළ රත්රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව වාර්තා වේ.
මෙම ඩිංගි යාත්රාව වන්නිමුන්දලම කළපු ප්රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්රදේශය දෙසට යාත්රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්රාවක් නාවික හමුදාව විසින් පරීක්ෂා කිරීමේ දී එහි තිබී රත්රං කිලෝ ග්රෑම් 8 ග්රෑම් 450ක් සොයා ගෙන තිබේ. අදාළ ඩිංගි යාත්රාව තුළ සූක්ෂම ආකාරයෙන් සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ රත්රං සහිත පාර්සල් හතර නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය , මණ්ඩලකුඩා ප්රදේශයේ පදිංචි අවුරුදු 37 සහ 42 වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.