ලොරි රථයක් ප්‍රපාතයකට .

අද (15) උදෑසන 9.30 ට පමණ ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ලොනැක් වත්තේ සත්ත්ව ගොවිපොළට පිවිසෙන අතුරු මාර්ගයේ දී අනුරාධපුරයේ සිට නොටන්බ්‍රිජ් ලොනැක් වතුයායේ සත්ත්ව ගොවිපොළට බඩඉරිඟු ගස් ප්‍රවාහනය කළ ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ .

ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෙම ලොරි රථය සත්ත්ව ගොවිපොළට පිවිසෙන අතුරු කඳු සහිත මාර්ගයේ ධාවනය කරන අවස්ථාවේ දී එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදී ආපසු පසුපසට ඇදී ගොස් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ .

අනතුර සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය ප්‍රකාශ කළේ ලොරි රථය අනතුරට පත්වන අවස්ථාවේ ලොරි රථය තුළ රියදුරා පමණක් සිට ඇති බවත් , අනතුරින් රියදුරාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් , ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් ය .

Exit mobile version