තැපැල් දෙපාර්තමේන්තුවට බිලියන හතක පාඩුවක්.

තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් වර්ෂයේදී රුපියල් බිලියන හතක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ බව වාර්තා වේ.

තැපැල් ප්‍රවාහන කටයුතුවලදී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් , දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන මුදල සියයට හයසිය ගණනකින් ඉහළ ගොස් ඇති බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 9.3 ක් දක්වා 29.6%කින් ඉහළ ගොස් ඇතත් , තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 16.1ක් දක්වා 15.3%කින් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version