වෙරි රියදුරු ශිෂ්‍යත්ව හපනෙක් බිලි අරන්.

ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 182ක් ලබා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ දරුවකු නොහික්මුණු බීමත් රියදුරකුගේ අපරික්ෂාරී රිය ධාවනය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ දී සිදු වූ අනතුරකින් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි විනිදු සත්සර නමැති කොළඹ ආනන්ද විද්‍යාලයේ හය වසරේ ඉගෙනුම ලැබූ හපනෙකි.

අනතුරින් දරුවාගේ පියා සහ මෝටර් රථය පැද වූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෝටර් රථයට සහ මියගිය දරුවා පැමිණි ත්‍රී රෝද රථයට දැඩි ලෙස හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කර තිබේ .

Exit mobile version