පුද්ගලයින් තිදෙනෙකුට මරු කැදවූ දිවා භෝජනය

බිම්මල් ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ සංකුලතාවයක් මත පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු පොලිසිය සදහන් කරන්නේ 49 හැවිරිදි කාන්තාවක් විසින් සංවිධානය කරන ලද දිවා භෝජන සංග්‍රහයකදී මෙම බිම්මල් ආහාරයට ගත් වයස්ගත පුද්ගලයින් තිදෙනකු මෙසේ මිය ගොස් ඇති බවයි.

එසේම ආහාර ලබා ගත් තවත් පුද්ගලයෙකු අසාධ්‍යව රෝහල් ගත කර තිබේ .

වාර්තා වන ආකාරයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ “මම ආදරය කළ මේ මිනිසුන්ට රිදවීමට මට කිසිම හේතුවක් නොතිබුණු බව මට නැවත කියන්න අවශ්‍යයි” යනුවෙන්
එරින් පැටර්සන් නම් අදාළ කාන්තාව ප්‍රකාශ කර ඇති බවයි .

Exit mobile version