අද (21) අලුයම 2.00 ට පමණ ගාල්ල, බලපිටිය ඇත්කඳුර බෝක්කුව අසල දී සුඛෝපභෝගී මෝටර් රථයක් දුරකථන කුලුනක ගැටී සිදු වූ අනතුරින් මෝටර් රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබෙන බව වාර්තා වේ.
මෝටර් රථය අනතුරට පත්ව ගිනි ගන්නා අවස්ථාවේ දී එහි , රියදුරු ඇතුළු තිදෙනෙකු සිට ඇති අතර අනතුරින් ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ඇල්පිටිය රථවාහන පොලීසිය විසින් සිදු කරනු ලබයි.