අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්රී ලංකා මහවැලි අධිකාරියේ නොච්චියාගම ඒකකයේ වැඩබලන කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
නොච්චියාගම ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඊයේ (20) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
වාර්තා වන ආකාරයට පැමිණිලිකරුගේ මියගිය පියාට අයත් ඉඩමක බලපත්රයක් ඔහුගේ නමට සකස් කරදීම සඳහා සැකකාර කළමනාකාරවරයා රුපියල් 75,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු නොච්චියාගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.