ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි.

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ .

ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

එමෙන්ම කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බවත් , මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවත් සඳහන් .

Exit mobile version