වසර හතරකට ඉහත දී සිඳු වූ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් හා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කන්නලව්වක් අද (21) කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී ජේ.බී.ඇන්තනී සහ මැක්ස්වල් සිල්වා යන රදගුරුතුමන්ලා විසින් සිඳු කළ බව වාර්තා වේ.
මෙම අවස්ථාවට මොරටුව සුනන්ද උපනන්ද විහාරයේ මොරටුවේ තිලකසිරි හිමියන් ද සහභාගී වූ බව සඳහන්.
මෙම සිඳු කළ දිව්‍ය පූජාවෙන් අනතුරුව කොළඹ හලාවත මාර්ගයට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා විරෝධතාවක් ද පැවැත්වූ බව වාර්තා වේ.එම විරෝධතාවෙන් අනතුරුව ද දේව කන්නලව්වක් පවත්වා තිබේ.