රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍යය වාර්තා කළේ, එම මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 05 දෙනෙකු ද සිටින බවයි.
නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්.
අදාළ ප්‍රහාරයෙන් පසු ව යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි ප්‍රහාරවල ප්‍රතිවිපාක රුසියාවට අත්විඳීමට සිදු වනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද විදෙස් මාධ්‍යය අවධාරණය කර ඇත.