ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති ජූලි ජේ.චන්ග් සහ ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්වුණු බව වාර්තා වේ .
මෙහිදී ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන් වේ.
එමෙන්ම මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනී සී.නෙල්සන් සහ ආරක්ෂක සහයෝගීතා කාර්යාලයේ ප්රධානී ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
මෙම හමුව සිහි කිරීම සඳහා දෙපාර්ෂවයම සමරු තිළිණ හුවමාරු කරගත් බව වාර්තා වේ .