නවසීලන්ත මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්.

මෙරට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදීය.

සිය ධුර කාලය අවසන් කර නික්ම යෑමට පෙර සිදුවූ එම හමුවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම්වරයාට පවසා ඇත්තේ සිය ධුර කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගයට කෘතඥතාව පළ කරන බවයි.

Exit mobile version