සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට වෛද්‍යවරුන්ගෙන් සංදේශයක්.

පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල වල අභිමානය විනාශ කිරීමට ඉඩලබා නොදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.

ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී සෞඛ්‍ය සේවකයින් මඟහරිමින් තවදුරටත් කටයුතු කරන්නේ නම් හෙට (01) දිනයේ සිට යළි වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කළ බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ ප්‍රකාශ කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරන සියලුම වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත විවෘත සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

Exit mobile version