විදේශ රැකියාවක් සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට තම ගමන් බලපත්රය හෝ මුදල් ලබාදිමට පෙර ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් සිදු කර ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ බලපත්රය සහ රැකියා ඇණවුම් සම්බන්ධයෙන් කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ 1989 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව සදහන්.
විදෙස් රැකියා වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බවට එම කාර්යාංශය වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.