ලාංකිකයින් යුරෝපා රාජ්‍යන් වෙත පළායාම සදහා භාවිතා කරනු ලබන නවතම ක්‍රමවේදයක් පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවට වාර්තා වේ.
බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට ස්ථාපිත කර නොමැති අතර ඒවා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු සිදු කරනු ලබයි.
මෙය අවස්ථාවක් කරගනිමින් ඉන්දියාව වෙත ගමන්ගන්නා ලාංකිකයින් තැරැව්කරුවන් හරහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස්කරගෙන යුරෝපා රටවල් වෙත පළායාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.