අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිල තුලනය කරන්න ක්‍රමවේදයක් .

ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ගත හැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල තුලනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මාර්ක් ඇන්‍ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (18) විදුලිබල අමාත්‍යාංශයේ පැවැත්වුණි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් , විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබා දෙන සහය ආදිය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි .

Exit mobile version