ශ්රි ලංකා නාවික හමුදාවේ ත්රිකුණාමලය සහ හම්බන්තොට කඳවුරු භාරව සිටි උසස් නිලධාරියෙකුගේ නොහොබිනා ක්රියාවක් ගැන අපට වාර්තා වේ.
හෝමාගම,උඩුවන,හෙරලිගස්වත්ත ප්රදේශයේ පදිංචි මෙම උසස් නිලධාරියා සිය අසල්වාසීන්ට “නේවි” පාට් දමා ඇති බවට හෝමාගම පොලිසියට පැමිනිලිකර තිබේ.
එම නිලධාරියාගේ වත්තේ ගස් කොළන් වලින් වැටෙන කොළ අසල්වාසියාගේ නිවසේ මිදුලට වැටෙන අතර එම ගස්වල කොළ අතු ගා නොදමන ලෙස අසල්වැසියාගේ බිරිඳට තර්ජනය කරමින් පහර දීමට නාවික හමුදාවේ උසස් නිලධාරියා පසුගියදා කටයුතු කොට තිබේ.
සිය වත්තෙන් අසල්වාසියාගේ වත්තට වැටෙන කොළ අතු ගා දමන විට සිය වත්ත හෑරී යන බව කියමින් මෙම නිලධාරියා සහ ඔහුගේ පවුලේ උදවිය අසල්වාසියාට නිතරම බලපෑම් කරන බවද දැන ගන්නට තිබේ.
සිය වත්තට වැටෙන කොළ අතු ගා නොදමන ලෙස කීමට ඇති අයිතිය කුමක්දැයි කී විට නාවික හමුදාවේ උසස් නිලධාරියා “නේවි පාට් දමමින් අසල්වාසියාගේ ඉඩමට පැන අසල්වාසි නිවසේ හිමිකරුට සහ බිරිඳට පහර දීමට උත්සහ කොට ඇති බව සදහන්.
“සති දෙකක් ඇතුළත උඹලාගේ මුළු පවුලම බාවනවා වැඩි කල් යන්න ඉස්සර ඉඩකඩම් ගෙවල් දාලා යන්න වැඩේ සලස්සනවා”යැයි කියමින් මෙම උසස් නිලධාරියා අසල්වාසීයාට තර්ජනය කර ඇත.
අසල්වාසියා මේ ගැන හෝමාගම පොලිසියට CIB -03-235-331 අංකය යටතේ මෙම පැමිණිල්ල යොදා තිබේ.
එසේම මේ ගැන නාවික හමුදා මූලස්ථානය වෙතද දැනුම් දී ඇත.
මීට පෙර හෙරලිගස්වත්ත ගමේ තරුණ පිරිසකට බොරු චෝදනා නඟමින් අධිකරණය වෙත ගෙන යාමටද මෙම උසස් නිලධාරියා කටයුතු කර ඇති බවට ගම්වාසීහු පවසා තිබේ..