වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණයක් සිදු කරන බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පසුගිය ජනවාරි මාසයේදී ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත වෛද්‍ය සභාව විසින් පැනවූ වැඩ තහනම ක්‍රියාත්මක කරන ලෙස දැනුම්දෙමින් ලිපියක් යොමු කළ බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේ වැඩ තහනමකට ලක්ව සිටියදී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සිදු කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමිනි.