බන්ධනාගාර පුතුට මවක් මත්කුඩු රැගෙන යයි.

කළුතර බන්ධනාගාරයේ රැදෙවියෙකුට මත්කුඩු රැගෙන ආ මවක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම කාන්තාවගේ පුත්‍රයා බන්ධනාගාර රැදෙවියෙකු වන අතර මෙම සැකකාරිය තම පුතුට කොට කලිසමක් රැගෙන පැමිණ තිබේ.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට සැක සිතී ඇති අතර එය පරීක්ෂා කර බැලීමේ දී එම කලිසමේ වාටියේ කඩදාසික බහා සගවා තිබියදී හෙරෝයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව සඳහන්.

Exit mobile version