වන අලි පහරින් මවක් ජීවිතක්ෂයට .

සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (01)දින මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ තිරප්පනය,උට්ටිමඩුව,නිරාවිය යන ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිතා කුමාරි චන්ද්‍රලතා නැමති මවකි.

මිය ගිය මෙම මව 31 හැවිරිදි සිය පුත්‍රයා සමග නිවසේ සිට යතුරු පැදියකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදී නිරාවිය ප්‍රදේශයේ මහමග රැදි සිටි වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවට පොලීසිය පවසයි.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ මෙම මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබූ බව සදහන්.

මෙම වන අලි ප්‍රහාරයෙන් එම මවගේ පුත්‍රයාට කිසිදු අනතුරක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබති.
 

Exit mobile version