රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛනය මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (01) අභියාච්නාධිකරණය වෙත දැනුම් දුන් බව වාර්තා වේ.
මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් අවුරුදු 60 දී අනිවාර්‍ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.සී.බී.එස්. මොරායස්ගෙන් සමන්විත විනිසිරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී රජයේ නීතීඥවරිය ප්‍රකාශ කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවත් , ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන චක්‍රලේඛයේ අන්තර්ගත කරුණු මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ය.