යතුරුපැදියක් දුම්රියක ගැටී අයෙක් මරුට.

ඊයේ උදෑසන  (23) මහව , දඹුව කට්ටාඹුවාව මාර්ගයේ  දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස කට්ටාඹුවාව දෙසට ධාවනය වූ යතුරුපැදිය දුම්රිය හරස් මාර්ගය දෙසට ධාවනය වීමේ දී මහව දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ දුම්රිය දැකීමෙන් යතුරුපැදිය නතර කර ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදිකරුට තම යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව දුම්රිය මාර්ගයේ පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මහව රෝහලට ඇතුළත් කර වැඩි දුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණගහයාය , කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.

Exit mobile version