නිවසකට පස් කන්දක් කඩා වැටිලා.

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් හැටන් කුඩාගම ප්‍රදේශයේ පස් කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් නිවසකට සුළු වශයෙන් හානි සිදුව ඇති බව වාර්තා වේ.

හැටන් බටහිර ග්‍රාම නිලධාරි වසමේ හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් පිටුපස පස් කණ්ඩියක් සමග ගලක් කඩා වැටීමෙන් එම නිවසට සුළු වශයෙන් හානි සිදුවීමත් සමග එම නිවැසියන් එම නිවසින් තාවකාලිකව ඉවත් කිරීමට අදාල ග්‍රාම නිලධාරියා විසින් පියවර ගෙන ඇති බවට නුවරඑළිය ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රදේශයට මෙම දිනවල සවස් කාලය තුලදි පවතින අධික වැසි හේතුවෙන් මෙම තත්ත්වයන් උදාවී ඇති බවත් පවතින වැසි තත්ත්වයන් මත තව දුරටත් මෙම ප්‍රදේශයන් තුල පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බවටද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

Exit mobile version