දෙනියාය – රත්නපුර මාර්ගයේ 85 වන සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව විකල්ප මාර්ගය ලෙස දෙනියාය – ඌරුබොක්ක මාර්ගය ඔස්සේ රත්නපුරට ගමන් කිරීම සිදුකළ හැකි බව පොලීසිය සඳහන් කර තිබේ .