හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩාවැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ .
බලංගොඩ දෙතනගල රක්ෂිතයේ ජලපෝෂක ප්‍රදේශයට අද (01) අලුයම තෙක් ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ මාරතැන්න වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට මෙලෙස පස් සහ ගල් කඩාවැටී තිබේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බව ද වාර්තා වේ .