සිදුව ලියනගේ මුල්ල ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මළ ගෙදරකට සහභාගී වී සිටිය දී අද (7) කපා කොටා ඝාතනය කර ඇතැයි සිදුව පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ ලියනගේ මුල්ල පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පවසයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ලියනගේ මුල්ල ප්රදේශයේ මළ ගෙදරට සහභාගි වී සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහරදී එම පුද්ගලයා ඝාතනය කර ඇති බව සදහන්.
මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මතු ඇතිවූ ඝාතනයක් බවට පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන සැකකරුවන් හඳුනාගෙන ඇති අතර සීදුව පොලිසිය වැඩිදූර විමර්ශන සිදු කරනු ලබයි.