ඊයේ (16) රාත්රී කාලයේදී ග්රෑන්ඩ්පාස්, නව කැලණි පාලම අසල ප්රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .
එම ඝාතනයෙන් මියගොස් ඇත්තේ සේදවත්ත ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදු කළ සැකකරු විසින් මරණකරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා සිටිමේ දී ඇති වූ බහින්බස් වීමක් මත තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ග්රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 වැනි වියේ පසු වන කොළඹ 14 හා වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .