කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (11) රාත්රියේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිදි මාටිස් පටුමග, කොළඹ 12 ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්රදේශයෙන් පළා ගොස් ඇති බවට පොලීසිය පවසයි.
මෘතශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ඝාතනය සිදුවූ ස්ථානයේම තිබෙන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන කටයුතු සිදුකරන බවත් වාර්තා වෙයි.