කදානේ අභිරහස් මරණයක්.

කඳාන සෙබස්තියන් මාවතේ නිවසකදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ .

මෙම පුද්ගලයා මියගොස් සිටි නිවසේ කිසිවෙකුත් පදිංචිව සිට නොමැති බව සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇති අතර නිවසේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොර සතුරන්ගෙන් නිවස ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් නිවසේ ජනේලවලට සිහින් විදුලි කම්බි සම්බන්ධ කර තිබූ බවයි.

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘතශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ .

නිවසේ හිමිකරු, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

Exit mobile version